hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 10:59



ඉරානයේ ප්‍රසිද්ධ ස්ථානයකට හිජාබය නොපැළඳ හිස ආවරණය නොකර පැමිණි කාන්තාවන් දෙදෙනකුට පුද්ගලයකු විසින් යෝගට් වැනි ආහාර ද්‍රව්‍යයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙළෙඳසලක සිටි මෙම ඉරාන කතුන් දෙදෙනාට එම ස්ථානයට පැමිණි පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

හිස ආවරණය නොකිරීමේ වරදට මේ වන විට එම ඉරාන කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද ප්‍රසිද්ධියේ කලහකාරීවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.