hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 10:18



ඉරානයේ සහ ඇෆ්ඝනිස්ථානයේ විදේශ අමාත්‍යවරුන් ඉරිදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා.

ඉරානයේ රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ මෙහිදී දෙපාර්ශවය අතර පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා ඇෆ්ඝනිස්ථානය විසින් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගතයුතු බව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළ බවයි.

දෙපාර්ශවය අතර කරුණු ගණනාවක් පදනම් කරගෙන සබඳතා ගොඩනැගිය හැකි බවත් ඉරාන විදේශ ඇමති අමීර් අබ්දුල්ලහියාන් ඇෆ්ඝනිස්ථානයේ භාරකාර විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි සමග ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ඉරානය විසින් සංවිධානය කළ සමුළුවේදී ඇෆ්ඝනිස්ථානයේ දායකත්වය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රශංසා කළා.

මුටාකි අවධාරණය කළේ පලස්තීනය වෙනුවෙන් ඉරානය දරන උත්සාහයන් අගය කළ යුතු බවයි.

ඇෆ්ඝනිස්ථානය සහ ඉරානය අතර ජලය පිළිබඳ ගැටළුවක් කලක් තිස්සේ පවතින අතර මාස හයකට පමණ පෙර දේශසීමාවේ ගැටුම් ඇතිවීමෙන් කිහිපදෙනකු මියගියා.