2024 අප්‍රේල් 19, පෙ.ව. 6:30
පසුගියදා ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයේදී ඊශ්‍රායලයේ දිමෝනා න්‍යෂ්ටික මධ්‍යස්ථානයට හානි සිදුව ඇති බවට ඊශ්‍රායලයේ මාරිව් පුවත්පත ඊයේ වාර්තා කර තිබුණා.
ඔවුන් කියා සිටියේ ඊශ්‍රායලය තමන්ට සිදුවූ හානි අතර එම සිදුවීම වාර්තා කර නොතිබුණ ද එම බලාගාරය වෙත ප්‍රහාරයක් එල්ල වී තිබුණ බවයි.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ ප්‍රකාශක ජෙනරල් රමෙසාන් ෂරීෆ් මෙම මාධ්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. ඔහු සඳහන් කරන්නේ මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව කරනු ලබන මානසික ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් බවයි. තමන් ඊශ්‍රායලය වෙත පහරදෙද්දී දිමෝනා න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කරගත්තේ නැති බව ඔහු කියා සිටියා.
ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරයෙහි පිහිටා ඇති දිමෝනා පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රංශ ආධාර සහිතව 1958 දී ඉදිකිරීම ඇරඹූ අතර 1965 දී එය විවෘත වුණා. ඊශ්‍රායලය පවසන්නේ එය සාමකාමී පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගැනෙන බවයි.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53