hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 12, ප.ව. 12:48



නුදුරු දිනයකදී ඊශ්‍රායලය වෙත ඉරානය වෙතින් ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩක් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාසය පළ කරන බව එරට මාධ්‍ය අනාවරණය කරනවා.

ජූලි 31 වනදා සිදුවූ හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඊශ්‍රායලය වෙත ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඉරාන පාලනාධිකාරය තුළ විවිධ මතයන් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් ප්‍රහාරයක් සඳහා වැඩි බරක් ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ ඉරානයේ බටහිර ප්‍රදේශයන් හි යුධ අභ්‍යාසයක් ද ඇරඹි අතර එය අඟහරුවාදා තෙක් පැවැත්වෙන බව වාර්තා වනවා. එය ද ඊශ්‍රායලය වෙත ප්‍රහාරයක් එල්ල මිරීමේ පෙරහුරුවක් විය හැකි යයි විශ්වාස කෙරෙනවා.

මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙතින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම ඊට වඩා ඉහළ බවයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කරන්නේ.