hit counter

2025 මැයි මස 02 වන සිකුරාදා

2024 අප්‍රේල් 01, ප.ව. 11:54



ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩමස්කස් නගරයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සහ සිරියාවේ ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ අණදෙන නිලධාරියා වන බ්‍රිගේඩියර් ජෙනරල් මොහොමඩ් රෙසා සහේඩි මියගිය බව ඉරාන මාධ්‍ය පවසනවා.

මේ අතර ඉශ්‍රායල ප්‍රහාරයේදී සිරියාවේ ඉරාන තානාපති නිල නිවසට ප්‍රහාර එල්ල වූයේ යැයි වාර්තා වනවා.

ගෝලාන් කඳුකරයේ සිට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විශ්වාස කරන බව ඉරාන මාධ්‍ය කියා සිටියා. තවද සිරියාව පවසන්නේ තම ගුවන් ආරක්ෂක භටයින් මෙසේ එල්ල වූ මිසයිල ගණනක් විනාශ කළ බවයි.