hit counter

2025 ජූනි මස 14 වන සෙනසුරාදා

2025 ජූනි 14, පෙ.ව. 4:42



ඊශ්‍රායලය විසින් ජූනි 13 වනදා දිනය මුළුල්ලේ අවස්ථා කිහිපයකදි ඉඑල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස එදින රාත්‍රියේ ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළා.

ශ්‍රී ලංකාවේ වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය ආසන්නයේ රැළි දෙකක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල වූ අතර ඇතැම් වාර්තා අනුව කියැවුණේ මේ සඳහා මිසයිල තුන්සියයක් පමණ යොදාගත් බවයි.

ඊශ්‍රායල සන්නද්ධ හමුදාවේ ප්‍රධාන කඳවුර මෙන්ම ආරක්ෂක අමාත්‍යංශය සහ ජාතික ආරක්ෂක අමාත්‍යංශය ආදී ස්ථාන ද මෙහිදී ඉලක්ක වූයේ යැයි සඳහන් වුණා.

මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායලය විසින් නැවතත් ඉරානයට පහර දුන්නේ යැයි වාර්තා වූ අතර ජූනි 14 අලුයම ඉරානය වෙතින් තුන්වන මිසයිල රැල්ලක් ද ඊශ්‍රායලය දෙසට එල්ල වුණා.

ඉරානය විසින් එල්ල කළ පළමු ප්‍රහාරයට ස්වල්ප වෙලාවකට පෙර ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර අවස්ථාවේ ඉරාන ගුවන් ආරක්ෂකයන් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා. එමෙන්ම ඊශ්‍රායලයට අයත් යානා දෙකක් හෝ තුනක් හෝ බිම දමන ලදැයි ද වාර්තා පළවී තිබුණා. මේ අතර F-35 යානයක් ද වූ බවක් වාර්තා වී තිබුණා. ඊශ්‍රායල ගුවන් නියමුවරියක ද ඉරාන භාරයට පත්ව ඇතැයි තහවුරු නොකළ වාර්තා විසින් කියා සිටිනු ලැබුණා.