hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 8:50



ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක නොවුණහොත් ඇමරිකාවට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව ඉරාන ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් රෙසා අශ්තියානි පවසනවා.

ඉරාන ජාතික පුවත් සේවය වාර්තා කළ පරිදි ඔහු සඳහන් කළ ඇත්තේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට කටයුතු නොකළහොත් ඇමරිකාවට ද දරුණු පහරක් එල්ල විය හැකි බවයි.

ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත ඊශ්‍රායලය විසින් එල්ල කෙරෙන ප්‍රහාර දිරිමත් කරන බවට ඉරානය ඇමරිකාව වෙත චෝදනා කරනවා.

ඉරාන විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබුණේ ඇමරිකාවේ සම්පූර්ණ සහය සහිතව ඊශ්‍රායලය යුධ අපරාධ සහ ජන සංහාරයන් සිදුකරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීමෙන් වැළකී සිටින අතර ඒ වෙනුවට මානුෂීය විරාමයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය සහ ඇමරිකාව චෝදනා කරන්නේ හමාස් සංවිධානයට ආධාර සහ අනුබල දෙන්නේ ඉරානය බවයි.