hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 12:46



පලස්තීනය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීම සඳහා තම රට කෙමෙන් ළං වෙමින් සිටින බව අයර්ලන්තයේ නව අගමැති සයිමන් හැරිස් පවසනවා.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චේස් හමුවූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ස්පාඤ්ඤය වැනි තමන් සමගම එක් මතයක සිටින රටවල් සමග තමන් මෙම පියවර කරා යොමු වන්නට අපේක්ෂා කරන බවයි.

ස්පාඤ්ඤය​, අයර්ලන්තය​, ස්ලොවීනියාව සහ මෝල්ටාව පලස්තීනය පිළිගැනීම කෙරෙහි කටයුතු සිදුකරන බවට නොබෝදා ප්‍රකාශ කරන්නට යෙදුණා.

මේ අතර ඔස්ට්‍රේලියාව ද දින කිහිපයකට පෙර පලස්තීනය පිළිගැනීම කෙරේ සලකා බලන බව කියා සිටියා.

ඊශ්‍රායල – පලස්තීන අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය දෙකේ විසඳුම ක්‍රියාත්මක කරවීමට පෙළඹවීමක් ලෙසයි ඔස්ට්‍රේලියාව මෙම පියවර පිළිබඳ සලකා බලන්නේ.