2024 මාර්තු 23, පෙ.ව. 3:55
මොස්කව් නගරයේ ක්‍රෝකුස් සිටි හෝල් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇතැයි CNN පුවත් සේවය වාර්තා කළා.
එම සංවිධානයේ ටෙලිග්‍රෑම් චැනලය විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි එම ආයතනය වාර්තා කළේ.
කෙසේ වෙතත් රුසියාව නිල වශයෙන් ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නැහැ.
මේ අතර ISIS සංවිධානය පවසා ඇත්තේ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් ආරක්ෂා සහිත ස්ථාන වෙත පළාගිය බවයි.
සංගීත ප්‍රසංගයක් ඇරඹීමට පෙර එම ස්ථානයේදී මුහුණු වසාගත් පුද්ගලයන් තිදෙනකු විසින් ප්‍රහාර එල්ල කර තිබුණා. ගොඩනැගිල්ලේ ගින්නක් ද හටගත් අතර එය ද තවම පාලනය කර නැහැ.
රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක කාර්යංශය පවසන පරිදි ප්‍රහාරයෙන් අවම වශයෙන් 40 ක් මියගොස් තවත් අවම වශයෙන් 100 ක් තුවාල ලබා තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53