2023 අගෝස්තු 28, ප.ව. 7:10
හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, තමන්ට එරෙහිව ලබාදුන් වසර තුනක සිර දඬුවමට එරෙහිව ඉස්ලාමාබාද් මහාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනයෙහි තීන්දුව ලබාදීම හෙටට කල් තබනු ලැබුණා.
එසේ කල් තැබීමට අධිකරණය තීරණය කළේ අද දින මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥයාගේ කරුණු දැක්වීම් අවසාන වූ පසුවයි.
ඉම්රාන් ඛාන් අගමැතිව සිටියදී ඔහුට ලැබුණ ත්‍යාගයන් රාජ්‍ය භාණ්ඩාගරය හෙවත් තොශකනාවට ඉදිරිපත් නොකර අලෙවි කිරීම පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබුණ අතර මෙම තොශකනා නඩුවේ තීන්දුව අගෝස්තු 5 වනදා ඉස්ලාමාබාද් හි අධිකරණයක් විසින් ලබාදෙනු ලැබුණා. ඒ අනුවයි ඔහුට වසර තුනක සිර දඬුවම් නියම කරන ලද්දේ. එමෙන්ම ඔහුට වසර පහකට දේශපාලන කටයුතු ද තහනම් කරනු ලැබුණා.
කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් පවසන්නේ තමන් දේශපාලන දඩයමක ගොදුරක්ව ඇති බවයි. ඔහුට එරෙහිව තවත් නඩු ගණනාවක් පවතින අතර තොශකනා නඩුව ඔහුට එරෙහිව ඉදිරිපත්වූ ප්‍රධානම නඩුවක් වුණා.
2025 අගෝස්තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38