hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 02, ප.ව. 7:03



බෝකෝ හරාම් සංවිධානයේ ත්‍රස්තවාදීන් යයි සැකකරන පිරිසකගේ ප්‍රහාර හේතුවෙන් නයිජීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ යෝබේ ප්‍රාන්තයේ ගම්වැසියන් 40 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙයින් 17 දෙනකු සඳුදා දිනයේ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර තිබුණා. ඔවුන්ගේ අවමංගල්‍යය සඳහා පැමිණ ආපසු යමින් සිටි තවත් 20 දෙනකු පමණ බිම් බෝම්බ පිපිරීමකින් මියගොස් තිබෙනවා.

මෙම ඝාතනයන් සිදුව ඇත්තේ යෝබේ ප්‍රාන්තයේ ගරොකයේයා නම් වූ ගම්මානයකයි. ඝාතනයට හේතුව වී ඇත්තේ ගම්වැසියන් ගේ අස්වනු සහ ගව සම්පතින් බදු අය කිරීමට ත්‍රස්තයන් කළ උත්සාහයට එම ගම්වැසියන් විරෝධය දැක්වීම බව වාර්තා වනවා.

මෙම ප්‍රදේශයෙහි පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ බවයි ගම්වැසියන් පවසා තිබෙන්නේ.