2024 ජනවාරි 11, ප.ව. 8:20
ඊශ්‍රායලය ගාසා තීරය නැවත අත්පත් කරගෙන සිටීමට හෝ එහි සිවිල් ජනයා පළවා හැරීමට හෝ බලාපොරොත්තු නොවන බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඊයේ රාත්‍රියේ නිකුත් කළ ප්‍රකාශයකින් ඔහු පෙන්වා දුන්නේ තමන් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකළ බවයි. තමන් හමාස් සාමාජිකයන් පමණක් ඉලක්ක කරන බවයි ඔහු කියා සිටියේ.
හමාස් සංවිධානය විනාශ කිරීම සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කරගැනීම තම අරමුණු වන බවත් ගාසා තීරය මිලිටරිහරණය සහ රැඩිකල්හරණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලයට එරෙහිව අන්තර්ජාතික යුක්ති අධිකරණයෙහි පනවා ඇති නඩුව විභාග කිරීම අද ඇරඹුණා. ඊශ්‍රායලය ගාසා තීරයේදී ජන සංහාරයෙහි නිරත වන බවයි දකුණු අප්‍රිකාව පවසන්නේ.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16