hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 9:25



ඊශ්‍රායලයේ හදිසි තත්ත්ව ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියකු වන බෙනී ගාන්ට්ස් එකඟ වී තිබෙනවා.

මේ අතර නව ආණ්ඩුවට හිටපු අගමැති යේර් ලපීඩ් එක් වේදැයි තවම තහවුරු වී නැහැ. නමුත් ඔහු සඳහා ද නව කැබිනෙට්ටුවේ අමාත්‍ය ධුරයක් හිස් ව තබන බවයි නෙතන්යාහු සහ ගාන්ට්ස් පවසා ඇත්තේ.

නව ඒකාබද්ධ ආණ්ඩුව මූලික වශයෙන් හමාස් විරෝධී යුද්ධය පිළිබඳ කරුණු සලකා බලන අතර එයට අදාල නොවන දේ පිළිබඳ පියවර ගැනීමක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.