hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 1:01



ඊශ්‍රායල හමුදා දකුණුදිග ලෙබනනය වෙත ඇතුල් වී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙසේ ඇතුල්වීමට පෙර ඔවුන් විසින් ලෙබනනයේ ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කළා.

මේ අතර ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සංවිධානය අතර ඊශ්‍රායල – ලෙබනන් දේශසීමාව අසළදීම ගැටුම් ඇතිවී තිබෙන බව ද වාර්තා වනවා. ලෙබනන හමුදාව කිලෝමීටර් පහක් පමණ පසුබැස තිබෙන බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර ඊශ්‍රායලය ඉරානයට අනතුරු අඟවා ඇත්තේ හිස්බුල්ලා සමග සටන්වලට මැදිහත් නොවන ලෙසයි. තම ප්‍රහාරයේ අරමුණ දේශසීමාබද ප්‍රදේශවල හිස්බුල්ලා නිරීක් ෂක ස්ථාන විනාශ කිරීම බව ද ඊශ්‍රායල බලධාරීන් හාරෙට්ස් පුවත්පත සමග පවසා තිබෙනවා.

ඊශ්‍රායල මෙහෙයුමේ අවසන් ඉලක්කය පැහැදිලි නැතත් එය සීමා සහිත මෙහෙයුමක් වනු ඇති බවයි සඳහන් වූයේ.