2024 ජූලි 11, ප.ව. 12:32
ගාසා නගරයෙහි සිටින සියල්ලන්ටම ඉන් ඉවත්වන ලෙස ඊශ්රායල ආරක්ෂක අංශ ඊයේ දැනුම් දුන්නා.
ඊශ්රායල ආරක්ෂක අංශ පසුගිය දිනවල කිහිපවිටකම මෙවැනි උපදෙස් ලබාදුන්නා. ගාසා නගරයෙහි බටහිර, නැගෙනහිර සහ දකුණුදිග මායිම්වල මේ වනවිට ඊශ්රායල මෙහෙයුම් ක්රියාත්මකව පවතිනවා.
ඊශ්රායල ආරක්ෂක අංශ ඇස්තමේන්තු කරන ආකාරයට උතුරුදිග ගාසා ප්රදේශයේ මේ වනවිට 200,000 ක පමණ පිරිසක් රැඳී සිටිනවා.
ඊශ්රායල ගුවන් යානා මගින් ප්රදේශය වෙත දැනුවත්කිරීමේ පත්රිකා විසුරුවා හැරි අතර ඒවායෙහි සිවිල් වැසියන්ට පිටවීම සඳහා මාර්ග දෙකක් සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් එක්සත් ජාතීන් ගේ මානුශීය ආධාර සම්බන්ධීකරණ ආයතනය පවසන්නේ මෙසේ ජනතාවට පිටව යාමට දැන්වීම මගින් ප්රදේශයේ දැනටත් පවතින මානුශීය ගැටළු තවත් උත්සන්න වනු ඇති බවයි.
නමුත් ඊශ්රායල හමුදා කියා සිටින්නේ තමන් ඉතා පැහැදිලි ලෙස බුද්ධි තොරතුරු පදනම්ව මෙහෙයුම් ක්රියාවට නගන බවයි. මේ වනවිට හමාස් සංවිධානයේ සාමාජිකයන් 14,000 ක් මරණයට පත්කර ඇතැයි ඊශ්රායල ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් නොබෝදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16