hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 2:09



ඊශ්‍රායලයේ හිටපු හමුදාපතිවරයකු මෙන්ම එරට යුධ කැබිනෙට්ටුවේ නිරීක්ෂක සාමාජිකයකු වන ගාඩි අයිසන්කොට්ගේ පුත්‍රයා වන ගැල් මියර් අයිසන්කොට් සටන්බිමේදී මරණයට පත්වුණා.

දෙසැම්බර් 7 වනදා රාත්‍රියේ උතුරුදිග ගාසා හි සිදුවූ සටන් අතරතුර ඔහු මියගිය බවයි වාර්තා වන්නේ.

සටන් කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා යුධ කැබිනෙට්ටුවේ නිත්‍ය සාමාජික බෙනී ගාන්ට්ස් සහ අයිසන්කොට් සහභාගිව සිටි බවත්, එම නිරීක්ෂණ කටයුතු අවසන්ව ස්වල්ප වෙලාවකදී ගැල් අයිසන්කොට්ගේ මරණය වාර්තා වූ බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණා. බෙනී ගාන්ට්ස් ද හිටපු හමුදාපතිවරයකු සහ වර්තමාන දේශපාලකයකු වනවා.

මියයනවිට 25 හැවිරිදි වූ ගැල් අයිසන්කොට් සේවය කළේ 699 වන බැටෑලියනය සමගයි.