hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 11:20



ඊශ්‍රායල සන්නද්ධ හමුදා ගාසා තීරයේ වසරක පමණ දීර්ඝ කාලයක් සටන් කිරීමට සූදානම් වන බව එරට චැනල් 12 රූපවාහිනිය වාර්තා කළා.

එමෙන්ම දැනට උතුරු ගාසා හි ක්‍රියාත්මක ගොඩබිම් මෙහෙයුම් කෙමෙන් දකුණු ගාසා වෙත ද ව්‍යාප්ත කෙරෙනු ඇති බවයි එම වාර්තාවෙන් කියා සිටින්නේ.

කඩිමුඩියේ සටන ගෙන යාමේ අවශ්‍යතාවයක් ඊශ්‍රායලයට නොමැති බවත් අවසන් අරමුණ වන හමාස් සංවිධානය හෝ ඉරාන සහය ලබන අන් සංවිධානයක් හෝ නොමැති ආණ්ඩුවක් ගාසා හි පාලනයට පත් කිරීමේ අරමුණ කරා ඊශ්‍රායලය කෙමෙන් ගමන් කරනු ඇති බවත් මෙම වාර්තාව කියා සිටිනවා.

භූමියේ සටන් කරන හමුදා අණදෙන නිලධාරීන්ට​ දන්වා ඇත්තේ ක්‍රමානුකූලව කටයුතු කරමින් ප්‍රතිඵල ලබාගන්නා ලෙස බවයි සඳහන් වන්නේ.