hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 26, ප.ව. 1:18



ගාසා හි යුද්ධය කඩිනමින් අවසන් කළ යුතු බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ෆොක්ස් නිව්ස් සමග කළ සාකච්ඡාවකදී ඔහු පැවසූයේ දිගු යුද්ධයක් යනු ඊශ්‍රායලයට මහජන සම්බන්ධතා පිළිබඳ ඉතා නරක තත්ත්වයක් ඇතිකරන බවයි. ඊශ්‍රායලය එම අංශය කෙරෙහි ඉතා දුර්වල බව ද ඔහු කියා සිටියා.

පුද්ගලයන්ගේ හිස මත ඔවුන්ගේ නිවාස කඩා වැටෙන ආකාරය නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ ලොව පුරා ජනතාව දකින බවත් එය සුදුසු තත්ත්වයක් නොවන බවත් ට්‍රම්ප් පවසනවා. යුද්ධය අවසන් කර සාමය ළඟාකිරීමට අවශ්‍ය දේ සිදුවිය යුතු නමුත් මේ සුදුසු ක්‍රමය නොවන බවයි ඔහු පවසන්නේ.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව කළ විරෝධතාවලදී ඇමරිකානු ධජ ගිනිතැබූවන්ට එරෙහිව නෛතික පියවර ගතයුතු බව ද ට්‍රම්ප් පැවසූවා.

ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත නෙතන්යාහු අද දින ට්‍රම්ප් හමුවීමට ද නියමිතයි. ඊශ්‍රායලයේදී දැඩි ලෙස අප්‍රසාදයට පත්ව සිටින ඔහු ඇමරිකානු සහය තමන් වෙත තබාගැනීමේ දැඩි උත්සාහයක නිරත වනවා. ඔහු ට්‍රම්ප් මුණගැසෙන්නේ ද ඒ අනුවයි.

ට්‍රම්ප් නෙතන්යාහුගේ විශාල ආධාරකරුවකු වූ නමුත් 2020 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් අනතුරුව ඔහු සමග අමනාපයෙන් පසුවන බව සඳහන් වනවා.