hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 9:50



ඉරානයේ කිනම් ඉලක්කයන් වෙත පහර දෙන්නේද යන කරුණ පිළිබඳ ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය පවසා සිටියා.

මෙම ඉලක්ක අවසන් මොහොතේ වෙනස් විය හැකි නමුත්, පොදුවේ එකඟතාවයක් කරා පැමිණ ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඒ අනුව කිනම් මොහොතක හෝ ඊශ්‍රායල ප්‍රහාරය සිදුවිය හැකි බවයි පැවසෙන්නේ.

තවද​, ඔක්තෝබර් 1 වනදා ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය බවට හමුදා ප්‍රධානී හර්ට්සි හලේවි සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ තමන් පොදුවේ එකඟ බව ද ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් මාධ්‍ය වෙත පවසා තිබුණා.

කෙසේ වෙතත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හෝ බලශක්ති ඉලක්ක හෝ වෙත පහර නොදීමට නෙතන්යාහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත එකඟතාවය පළකර ඇතැයි ද අභ්‍යන්‍තර ආරංචිමාර්ග උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසා තිබෙනවා. ඉරානයේ සිවිල් ඉලක්ක වෙත පහර නොදෙන බව ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබෙන අතර ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඊශ්‍රායලයට ලබාදීමට බයිඩන් එකඟ වී ඇත්තේ ඉන් අනතුරුව බවයි සඳහන් වූයේ.

ළඟ එන මැතිවරණ හේතුවෙන් තෙල් මිල වැඩිවීමෙන් සිදුවිය හැකි අවාසි ගැන ජනාධිපති බයිඩන් අවධානය යොමු කරන බව පෙනී යනවා.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා සහ හමාස් දේශපාලන අංශ ප්‍රධානී ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස යයි පවසමින් ඉරානය විසින් ඔක්තෝබර් 1 වනදා ඊශ්‍රායලය වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

Example Image