2024 ජූනි 18, පෙ.ව. 9:23
2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයට සති තුනකට පෙර, එම සංවිධානය ඊශ්‍රායලය වෙත කඩාවැදී ප්‍රාණ ඇපකරුවන් 200-250 ක් පැහැරගෙන යාමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු ලැබුණ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවක් පවසනවා.
2023 සැප්තැම්බර් 19 වනදා ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් හි 8200 ඒකකය බුද්ධි සේවය විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර එය අවම වශයෙන් ඉහළ පෙළේ නිලධාරීන් ඇතැමෙකු වෙත යොමු වන්නට ඇතැයි කැන් මාධ්‍ය ආයතනය වාර්තා කළා.
හමාස් සංවිධානය කලක පටන් මෙම මෙහෙයුම සඳහා අභ්‍යාස කළ බවත් ප්‍රාණ ඇපකරුවන් අල්ලාගැනීම සහ රඳවාගැනීම ගැන පෙරහුරු ද සිදුකළ බවත් මෙම බුද්ධි වාර්තාවේ සඳහන් වූ බවයි අදාල මාධ්‍ය වාර්තාවෙන් කියැවුණේ. එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් සන්තකයෙහි ජංගම දුරකථන නොමැති බව සනාථ කරගන්නා ලෙසත් ප්‍රහාරකයන් වෙත උපදෙස් ලැබී තිබෙනවා. තවද, ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන්නේ නම් ඒ කුමන තත්ත්වයන් යටතේද යයි ඔවුන්ට උපදෙස් ලැබී තිබෙන බව බුද්ධි වාර්තාවෙන් දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල බලධාරීන් මෙම අනතුරු ඇඟවීම් ගණන් නොගත්තා පමණක් නොව ප්‍රදේශයෙන් ඇතැම් හමුදා ඒකක බටහිර ඉවුර දෙසට යැවීමට ද කටයුතු කර තිබෙනවා.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්‍බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:16