2024 ජූලි 21, ප.ව. 6:12
යේමනයේ හොඩෙයිඩා වරාය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ඊයේ නිවේදනය කළා. එම ප්‍රදේශයෙහි විශාල ගින්නක් හටගත් බව ද සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කෙරුණා.
ඊශ්‍රායලය පවසන්නේ ඉරානය වෙතින් යේමනයේ හූති කැරලිකරුවන් වෙත ආයුධ ගෙන ඒමට එම වරාය යොදාගන්නා බවයි.
2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් කරන නෞකාවන්ට පහර දීමට යොමු වූ අතර ඊශ්‍රායලයට ද විටින් විට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවා.
හූතිවරුන්ට එරෙහිව මීට පෙර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ගුවන් ප්‍රහාර එල්ල කළ ද ඊශ්‍රායලය මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කළේ පළමු වරටයි.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38