2024 අප්‍රේල් 28, ප.ව. 1:38
ඊශ්‍රායල ඔත්තු සේවාවන් හි සහ ආණ්ඩුවේ නිලධාරීන් විසින් අතීතයේ අවස්ථා කිහිපයකදීම භාවිතා කළ බව කියන පුද්ගලික ගුවන් යානයක් සෞදි අරාබියේ රියාද් නගරය වෙත පැමිණ ඇතැයි ඊශ්‍රායල අරාබි මාධ්‍ය ආයතනයක් වන මකාන් ආයතනය පවසනවා.
එම ගුවන් යානය ටෙල් අවිව් සිට ජෝර්දානයේ අම්මාන් වෙත පැමිණ එතැනින් රියාද් කරා පැමිණ ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ. මෙම ගුවන් යානය ඊශ්‍රායල ව්‍යාපාරිකයකුට අයත් එකක් බවයි කියැවෙන්නේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි අරාබියට පැමිණීමට දිනකට පෙර අප්‍රේල් 27 වනදා සන්ධ්‍යාවේ මෙම ගුවන් යානයේ පැමිණීම පිළිබඳ වාර්තා වීම වැදගත් කරුණක් ලෙසයි පෙනී යන්නේ.
මෙම යානය මගින් ඊශ්‍රායලයේ ඉහළ පෙළේ නිලධාරීන් පැමිණෙන්නට ඇති බවත් ඔවුන් සෞදි අරාබිය සමග තානාපති සබඳතා ඇතිකිරීම පිළිබඳව සාකච්ඡා කරන්නට ඉඩ ඇති බවත් මකාන් ආයතනය පවසනවා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර තානාපති සබඳතා ඇතිකිරීම පිළිබඳ එකඟත්වයක් කරා එන්නට උත්සාහ කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මීට සති දෙකකට පෙර වාර්තා කර තිබුණා. ඒ වෙනුවෙන් ඊශ්‍රායලය විසින් පලස්තීන රාජ්‍යය පිළිගත යුතු වනවා.
මේ අනුව මේ වනවිට තීරණය ඇත්තේ ඊශ්‍රායලයේ ආණ්ඩුව අතේ බවයි සෞදි අරාබියේ රජපවුලෙහි සාමාජික කුමරෙක් මකාන් ආයතනය සමග ප්‍රකාශ කර ඇත්තේ.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53