hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 1:21



ඊශ්‍රායලය සමග දිගු කලක් තිස්සේ තානාපති සබඳතා පවත්වන ජෝර්දානය සිය තානාපතිවරයා කැඳවා තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක හේතූන් මත ඊශ්‍රායලයට ගිය ජෝර්දානයේ ඊශ්‍රායල තානාපතිවරයාට ජෝර්දානය දන්වා ඇත්තේ ගාසා හි සටන් අවසන් කරන්නේ නැතිනම් ඔහුට යළි ජෝර්දානයට පැමිණීමට අවසර නොමැති බවයි.

ඊශ්‍රායලය සමග හොඳ සබඳතාවයක් පවත්වාගෙන ගිය රටක් ලෙස සහ ඊශ්‍රායලයේ අසල්වැසියකු ලෙස ජෝර්දානය ගත් මෙම පියවර රාජ්‍යතාන්ත්‍රිකව වැදගත් වන නමුත් යුද්ධය සඳහා එහි වැදගත්කමක් ඇති බවක් කිව නොහැකියි.

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා නගරය මායිමේ සිටින බව පෙරමුනෙහි සිටින ඊශ්‍රායල හමුදා නිලධාරියකු සඳහන් කර තිබෙනවා. ඊශ්‍රායලයට ගතවූ පැය 24 ක් තුළ හමුදා සාමාජිකයන් 15 දෙනකු අහිමි වූ බව ද තහවුරු වී තිබෙනවා.