2025 දෙසැම්‍බර් 15, ප.ව. 11:59
චිලී රාජ්‍යයෙහි ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් හොසේ අන්තෝනියෝ කාස්ට් පහසු ජයග්‍රහණයක් ලබාගත්තා. එරට රිපබ්ලිකන් පක්ෂයේ නායකයා වන ඔහු අතින් පරාජයට පත්වූයේ කොමියුනිස්ට් පක්ෂයේ ජැනට් හාරා යි.
දැඩි ජාතිකවාදියකු වන කාස්ට් හිටපු හමුදා පාලක ජෙනරල් ඔගස්ටෝ ෆිනෝචේ අගයන්නෙක්. එමෙන්ම ඔහුගේ වැඩිමල් සොයුරෙක් ෆිනෝචේගේ ඇමතිවරයකු ලෙස ද කටයුතු කර තිබෙනවා. කාස්ට්ගේ පියා දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් හමුදාවට ද සේවය කළ නට්සි පක්ෂ සාමාජිකයකු වූ අතර ඔහු 1950 දී චිලියට සංක්‍රමණය වී තිබෙනවා.
සංක්‍රමණ විරෝධය, අපරාධ මැඩලීමේ ප්‍රතිඥාව සහ බදු අඩු කිරීම වෙනි ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් කාස්ට් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.
චිලී රාජ්‍යයට වෙනෙසුවේලාව සහ හයිටි වැනි රටවලින් පැමිණෙන සංක්‍රමණික සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. එමෙන්ම එරට අපරාධ ද ඉහළ ගොස් තිබෙනවා. ලතින් ඇමරිකාවේ අන් රටවල් සමග සාපේක්ෂව හොඳ තත්ත්වයක තවමත් චිලිය පැවතුණ ද අපරාධ සිදුවීම්වල පැහැදිලි වර්ධනයක් පසුගිය දශකය තුළ පෙනීගොස් තිබෙනවා.
කාස්ට් පවසන්නේ අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සහ රටේ උතුරුදිග දේශසීමාවේ වැටක් බැඳීම මගින් සංක්‍රමණික ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කරන බවයි. ඒ අතින් ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට ආසන්න අදහස් දක්වනවා. මේ අතර අපරාධ මැඩීමට අධි ආරක් ෂිත බන් ධනාගාර වැඩි කරන බව ද ඔහු කියා සිටිනවා.
මේ අතර රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා ඇතැම් රජයේ ආයතන අහෝසි කිරීම සහ ප්‍රතිසංවිධානය කිසීම ද ඔහුගේ පොරොන් දුවක්. එහිදී ඔහු යාබද ආර්ජන්ටිනාවේ හාවියර් මිලෙයිගේ ප්‍රතිපත්තිවලට සමීපයි.
කෙසේ වෙතත් කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතරයක් ඔහුගේ පක්ෂයට නොමැති හෙයින් ඇතැම් කරුණු ඉටු කරගැනීමට මධ්‍යස්ථ දක්ෂිනාංශිකයන් දිනාගැනීමට ද ඔහුට සිදුවනු ඇති.
2025 දෙසැම්‍බර් 14, ප.ව. 5:10
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:58
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:50
2025 දෙසැම්‍බර් 12, ප.ව. 12:59
2025 දෙසැම්‍බර් 11, ප.ව. 8:50