2024 ජූනි 25, ප.ව. 3:38
විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් වසර 12 ක නෛතික සටන්වලින් අනතුරුව නිදහස ලබා තිබෙනවා.
ඇමරිකානු රජය සමග ඇතිකරගත් එකඟතාවයක් අනුව ඔහු මෙසේ නිදහස ලැබීමට නියමිතයි.
දින 1901 ක් තමන් රඳවා තිබූ බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ශ් බන්ධනාගාරයෙන් අසාන්ජ් ඊයේ නිදහස ලැබුවා. බ්‍රිතාන්‍ය මහාධිකරණය ඔහුට ඇප ලබාදුන් අතර ඔහු ඇමරිකන් පාලනය යටතේ ඇති පැසිෆික් සාගර දිවයිනක් වන සයිපාන් වෙත ගුවන් ගත වුණා.
එහිදී අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිත අසාන් ජ් තමන්ට එල්ල වී ඇති චෝදනා සඳහා වරද පිළිගනු ඇති අතර ඔහුට මාස 62 ක සිර දඬුවමක් නියම කෙරෙනු ඇති. එය ඔහු බන්ධනාගාරයේ ගතකළ කාලය මගින් ආවරණය කෙරෙන පරිදි සිදුවනු ඇති හෙයින් ඔහු නිදහස් පුද්ගලයකු ලෙස අධිකරණයෙන් පිටව යාමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාව වෙත යනු ඇති.
කලක් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලබා සිටි අසාන්ජ්ගේ එම රැකවරණය අහිමි කළ පසු ඔහුව බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ඇමරිකානු රාජ්‍ය රහස් පිටකළ චෝදනා මත ඔහුව තම රටට පිටුවහල් කරන ලෙස ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිකරණය වෙතින් ඉල්ලා සිටියා. එම අධිකරණ කටයුතු සිදුවන අතරතුර ඔහු ඇමරිකානු රජය සමග එකඟතාවයකට පැමිණ තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16