2024 ජූනි 08, පෙ.ව. 8:27
ඉන්දියානු මහමැතිවරණයෙන් ජයගත් බොලිවුඩ් නිළි කන්ගනා රනාවුට් තමන්ට චන්දිගාර් ගුවන් තොටුපලේදී පොලිස් කොස්තාපල්වරියක විසින් අතුල් පහරක් එල්ල කළේ යයි චෝදනා කර තිබෙනවා.
මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායට අයත් කුල්වින්දර් කවුර් නම් මෙම කොස්තාපල්වරියට එරෙහිව මේ වනවිට පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. නමුත් ඊයේ රාත්‍රිය වනවිට ද ඇයව අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබුණේ නැහැ. කෙසේ වෙතත් අයව සේවය අත්හිටුවීමකට ලක්කර තිබෙනවා.
කන්ගනා රනාවුට් මෙම පහරදීම ගැන පැමිණිලි කර තිබුණේ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවූ පසුවයි. ඇයට දිල්ලිය වෙත පිටත්වීමට පෙර මෙම පහරදීමට මුහුණ දෙන්නට සිදුවූ බවයි සඳහන් කර තිබුණේ. මෙම සිද්ධිය සිදුව තිබුණේ බ්‍රහස්පතින්දායි.
මේ අතර තමන් පන්ජාබයේ ත්‍රස්තවාදය නැගීම පිළිබඳ මෙම සිද්ධියත් සමග තම අවදානය යොමුව ඇතැයි ද කන්ගනා ප්‍රකාශ කළා.
පසුගිය සමයෙහි පැවති ගොවි විරෝධතා අවස්ථාවල කන්ගනා විසින් කරන ලද ප්‍රකාශයන් කෙරෙහි තම විරෝධය දක්වන බව අදාල පොලිස් කොස්තාපල්වරිය පවසා තිබෙනවා. විරෝධතා දැක්වූ ගොවීන් එය කරන්නේ මුදලට බවත්, ඔවුන් කාලිස්ථාන්වාදීන් බවත් කන්ගනා විසින් ප්‍රකාශ කිරීම තම අප්‍රසාදයට හේතුවන බවයි ඇය කියා සිටින්නේ.
මේ අතර පන්ජාබයේ ගොවි සංවිධාන මෙම කොස්තාපල්වරිය වෙත සහය පළකර සිටිනවා. ඔවුන් කියා සිටින්නේ කන්ගනා අදාල කොස්තාපල්වරියට “කාලිස්ථාන් කවුර්” යයි පරිභව කළ බවයි.
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43