2024 මැයි 03, ප.ව. 8:35
කෙන්යාවේ නව ගුවන් හමුදාපතිනිය ලෙස මේජර් ජෙනරාල් ෆටුමා අහමඩ් පත්කර තිබෙනවා. මෙම පත්වීම සිදුකරන ලද්දේ ජනාධිපති විලියම් රුටෝ විසින්.
කෙන්යාවේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරල් ෆ්රැන්සිස් ඔගොල්ලා ඇතුළු නිලධාරීන් පිරිසක් නොබෝදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගියා. එයින් අනතුරුව එරට හමුදා නිලයන් හි සිදුකරන්නට සිදුවූ වෙනස්කම් අතරතුර මෙසේ මේජර් ජෙනරාල් අහමඩ් ගුවන් හමුදාපතිනිය ලෙස පත්ව තිබෙනවා.
ෆටුමා අහමඩ් කෙන්යානු හමුදා සේවයට එක්ව ඇත්තේ 1983 වසරේ යි. 1999 තෙක් ඇය එරට කාන්තා සේවා බලකායේ සේවය කළා. එම වසරේදී එම බලකාය අහෝසි කර එහි සාමාජිකාවන් ත්රිවිධ හමුදාවට ඍජුව අනුයුක්ත කරනු ලැබුණා.
මේජර් ජෙනරල් ෆටුමා අහමඩ් කෙන්යාවේ හමුදාපති තනතුරකට පත්වූ පළමු කාන්තාවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16