2024 ජූනි 25, ප.ව. 9:03
රජය විසින් හඳුන්වා දීමට යන බදු වැඩිකිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණ අද උච්ච අවස්ථාවකට එළඹුණ අතර නව මූල්‍ය පනත පාර්ලිමේන්තුවෙහි විවාදයට ගැනෙද්දී ඒ අවට විශාල විරෝධතා හටගත්තා.
විරෝධතාකරුවන් පාලනයට පොලිසිය කඳුළු ගෑස් මෙන්ම ජීව උණ්ඩ ද යොදාගෙන ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි කොටසකට ගිනි තබා ඇතැයි ද වාර්තා වුණා.
මේ අතර වෙනත් රජයේ ගොඩනැගිලි කිහිපයක් ද ගිනිතබා තිබෙනවා.
විරෝධතාවලට එක්ව සිටි ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ අර්ධ සහෝදරිය ද කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වුණා. ඒ ඇය මාධ්‍යවේදියකු හා අදහස් හුවමාරු කරගන්නා අතරතුරයි.
කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ විරෝධතාකරුවන් සමග සංවාද කිරීමට කැමති බවත් තමා ඔවුන් පිළිබඳ ආඩම්බර වන බවත් සඳහන් කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසන්නේ ඊයේ රාත්‍රියේ කෙන්යාවේ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 12 දෙනකු පැහැරගෙන ගොස් ඇති බවයි. ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
කෙන්යාව අප්‍රිකානු කලාපයේ බටහිර හිතවාදීම රාජ්‍යයන් අතුරින් එකක්. මෑතකදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එයට “නේටෝ නොවන ප්‍රධානම මිතුරකු” යයි පිළිගැනීම ද ලබාදුන්නා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15