2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 7:16
හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි මැඩලීම සඳහා සහය වීමට කෙන්යානු සන්නද්ධ හමුදා යැවීමට එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 13 දෙනකු මීට අනුමැතිය දුන් අතර චීනය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටියා.
මෙම හමුදා යැවීම පිළිබඳ මෑතකදී ඇමරිකානු සහ කෙන්යානු ආරක්ෂක අමාත්‍යවරුන් අතර එකඟතාවයකට එළඹුණු අතර නොබෝදා හයිටි අගමැතිවරයා සහ කෙන්යානු ජනාධිපතිවරයා අතර ද ඒ පිළිබඳ සාකච්ඡා සිදුවුණා.
මෙම වැඩපිළිවෙල යටතේ දහසක හමුදා පිරිසක් හයිටියට යැවෙන අතර ඔවුන් වසරක කාලයක් එහි රැඳී සිටින්නට නියමිතයි. මාස නවයක කාලයකින් අනතුරුව මෙහෙයුම පිළිබඳ තක්සේරුවක් සිදුකිරීමට ද නියමිත වනවා.
මේ වනවිට ද හයිටියට යැවෙන හමුදා පුහුණු කිරීම සිදුවන අතර විශේෂයෙන්ම ඔවුන්ට ප්‍රංශ බස පිළිබඳ දැනුම ලබාදීම සිදුකෙරෙනවා.
හයිටියේ මධ්‍යම ආණ්ඩුවේ බලය බොහෝ දුරට බිඳවැටී තිබෙනවා. පෝර්ටෝ ප්‍රින්ස් අගනුවර පවා බොහෝ ප්‍රදේශ පාලනය කරන්නේ අපරාධ කල්ලි විසින්. ඔවුන් පාලනය කිරීමට රජයට ශක්තියක් නොමැති තත්ත්වයක් පැන නැගී තිබෙනවා.
මීට පෙර ද හයිටියට එක්සත් ජාතීන්ගේ හමුදා පැමිණිය ද ඔවුන් පිළිබඳ එතරම් විශාල ප්‍රසාදයක් ස්වදේශික ජනයා තුළ නොමැති බවයි පැවසෙන්නේ. මෙවර එහි යැවෙන හමුදා එක්සත් ජාතීන්ගේ නොව ඍජුවම කෙන්යානු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.
2025 මැයි 09, පෙ.ව. 6:59
2025 මැයි 08, ප.ව. 11:05
2025 මැයි 07, පෙ.ව. 10:06
2025 මැයි 07, පෙ.ව. 4:05
2025 මැයි 04, පෙ.ව. 4:19