hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 23, ප.ව. 1:44



ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු සමග පැරණි මිත්‍රත්වය අලුත් කරගන්නට උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් උත්සාහ කරනු ඇතැයි ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකයකු වූ H.R. මැක්මාස්ටර් පවසනවා.

මෙහිදී සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ බැලිස්ටික් මිසයිල වැඩසටහන සීමා කරමින් ඒ වෙනුවට ඇමරිකානු හමුදා දකුණු කොරියාවෙන් පිටත් කරන ආකාරයේ එකඟතාවයක් පිළිබඳ කිම් වෙතින් යෝජනාවක් මතුවිය හැකි බවයි මැක්මාස්ටර් පෙන්වා දෙන්නේ.

මෙවැනි තත්ත්වයක් කොරියාව නැවත එක්සත් කිරීම සඳහා උතුරු කොරියාවේ සිහිනය සැබෑ කරගැනීමේ පළමු පියවරක් ලෙස සැලකිය හැකි යයි ද ඔහු පවසා සිටියා.

තවද කිම් ජොංග්-උන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සමාන එකඟතාවයක් පිළිබඳ බලාපොරොත්තු තබා ඇතැයි ද ඔහු කියා සිටිනවා.

කෙසේ වෙතත් උතුරු කොරියාව සහ රුසියාව අතර ඇතිවී තිබෙන මිත්‍රත්වය හමුවේ උතුරු කොරියාව සහ ඇමරිකාව අතර කිනම් ආකාරයේ මිත්‍රත්වයක් ගොඩනැගේ ද යන්න විමසා බැලිය යුතු බවයි ඔහු කියා සිටින්නේ.