hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:07



කුර්ස්ක් පළාතේ යුක්‍රේනියානුවන් විසින් අල්ලාගන්නා ලද ප්‍රදේශයෙහි වයඹදිග කොටස ඔස්සේ රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල වී ඇතැයි රුසියානු යුධ මූලාශ්‍ර සඳහන් කරනවා.

මෙම ප්‍රහාරයෙන් ගම්මාන කිහිපයක්ම රුසියානු පාලනයට නැවත නතුවී තිබෙන බවයි එම මූලාශ්‍ර පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් යුක්‍රේනියානු මූලාශ්‍ර මේ පිළිබඳ මෙතෙක් වැඩි යමක් ප්‍රකාශ කර නැහැ.

ඇතැම් රුසියානු මූලාශ්‍ර අනුව රුසියානු හමුදා විසින් කුර්ස්ක් හි යුක්‍රේන බලයට නතුවූ ප්‍රදේශයෙන් අටෙන් එකක් පමණ මුදාගෙන තිබෙනවා.

අගෝස්තු 6 වනදා එල්ල වූ යුක්‍රේන ප්‍රහාරය මගින් කුර්ස්ක් පළාතේ වර්ග කිලෝමීටර් 1300 ක් පමණ අල්ලාගනු ලැබුණා. කෙසේ වෙතත් පසුගිය සතියක පමණ කාලය තුළ දෙපාර්ශවයම මෙහිදී සැලකිය යුතු ජයග්‍රහණ වාර්තා කර තිබුණේ නැහැ.