hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 8:41



ඇෆ්ගන් කාන්තා විශ්වවිද්‍යාල වසා දමා ඇෆ්ගන් කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කර තිබෙනවා.

කාන්තා විශ්වවිද්‍යාල වසා දමන බවත් කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් බව නිවේදනය කළේ ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ සමඟම තලේබාන්වරුන් රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවූවා.

මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ දලදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා තිබෙනවා.

තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම්ය.