2023 ඔක්‍තෝබර් 03, ප.ව. 7:25
රුසියානු පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයන් අතුරින් අවසාන මන්ත්‍රීවරයා විශ්‍රාම ගෙන තිබෙනවා.
බේල්ගෝරද් ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රණ සභාව වන ෆෙඩරේශන් කවුන්සිලය නියෝජනය කළ 95 හැවිරිදි නිකොලායි රිෂ්කෝෆ්, ස්ව කැමැත්තෙන්ම විශ්‍රාම ගෙන තිබෙනවා.
ෆෙඩරේශන් කවුන්සිලයේ ප්‍රධානී වලන්තීනා මත්වියෙන්කෝ, රිෂ්කෝෆ්ට සිය කාර්යාලයේ උපදේශය තනතුරක් සඳහා ආරාධනා කර ඇති අතර ඔහු ඊට කැමැත්ත පළ කළ බව රුසියානු මාධ්‍ය පවසනවා.
1980 දශකයේදී සෝවියට් අමාත්‍ය මණ්ඩල සභාපති මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ද වූ රිෂ්කෝෆ්, 1991 රුසියානු ජනාධිපතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණා. ඔහු සියයට 17.22 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත් වූයේ බොරිස් යෙල්ට්සිං හමුවේ පරාජය වෙමින්.
රිෂ්කෝෆ් 2003 සිට බේල්ගොරද් නියෝජනය කරමින් රුසියානු ෆෙඩරේශන් කවුන්සිලයේ මන්ත්‍රී ධුරයක් දැරුවා. ඊට පෙර ඔහු 1995-2003 සමයේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය දූමාව නියෝජනය කළා.
2025 ජනවාරි 06, ප.ව. 12:53
2025 ජනවාරි 06, පෙ.ව. 5:53
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44