2023 ජූනි 13, පෙ.ව. 11:45
චීනයට පැමිණි සුපිරි ආර්ජන්ටින්නා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී බීජිං තොටුපොළේ දී චීන පොලිසිය විසින් රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වීසා ගැටළුවක් සම්බන්ධයෙන් මෙසීව මෙලෙස චීන පොලිසිය විසින් ගුවන් තොටුපොළේ දී රඳවා තබාගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයක් සඳහා චීනයට පැමිණි මෙසී වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් නොකර තිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.
35 හැවිරිදි මෙසී සතුව ආර්ජන්ටිනා සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත් දෙකක් පවතින අතර, ඉන් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රය ඔහු විසින් චීනය සඳහා පැමිණීමට යොදාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රයකින් චීනයට පැමිණීමට නම් පෙර අයදුම් කළ වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්ය වන බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව මෙසී සතුව කලින් අයදුම් කළ වීසා බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබෙනවා.
එම අවස්ථාවේ සිය රටට පැමිණි මෙම සුපිරි පාපන්දු තරුවට කඩිනමින් චීනයට ඇතුළු වීමට අවශ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මෙසී සහ චීන ගුවන්තොටුපොළ ආරක්ෂකයින් අතර භාෂාව ගැටළුවක් වී ඇති බවට ද තොරතරු වාර්තා වෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16