hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 05, ප.ව. 12:40



හිටපු බ්‍රිතාන්‍ය අගමැතිණි ලිස් ට්‍රස් සවුත් වෙස්ට් නෝර්ෆෝක් (නිරිතදිග නෝර්ෆෝක්) ආසනයේදී පරාජයට පත්වුණා.

ලේබර් පක්ෂයේ ටෙරී ජෙරමි ඡන්ද 11,847 ක් ලබාගනිද්දී ට්‍රස්ට හිමිවූයේ ඡන්ද 11,217 ක් පමණයි. රිෆෝර්ක් පක්ෂයේ ටෝබි මැකෙන්සි තුන්වන ස්ථානයට පැමිණියේ ඡන් ද 9,958 ක් සමගින්.

2019 මහමැතිවරණයේදී සියයට 69.0 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ට්‍රස් මෙවර ලැබූයේ සියයට 23.5 ක ඡන්ද ප්‍රමාණයක් පමණක් වීම කැපී පෙනුණා.

2022 වසරේ අවසන් භාගයේදී මාස දෙකකට අඩු කාලයක් සඳහා සීමා වූ ඇගේ අගමැති ධුර කාලය තුළ ලිස් ට්‍රස් කොන්සර්වේටිව් පක්ෂය කෙරෙහි වූ ජනතා විශ්වාසය බරපතල ලෙස හානියට පත්කිරීමට සමත් වුණා. එය කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ පරාජයට තදින්ම බලපෑ කරුණක් බවට පත්වුණා.