2024 මාර්තු 28, පෙ.ව. 10:32
යුක්‍රේනයට විදේශ හමුදා යැවීම පිළිබඳ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් කරන ලද ප්‍රකාශයන් ඇමරිකානු බලධාරීන්ගේ අප්‍රසාදයට හේතු වූ බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා.
මෙවැනි ප්‍රකාශයන් මගින් රුසියාව සමග අනවශ්‍ය ගැටුමක් කරා යාමට ඉඩ තිබීම එම අප්‍රසාදයට හේතුවයි.
කෙසේ වෙතත් ඇතැම් යුරෝපා නායකයන් මැක්‍රොන් වෙතින් වඩා ශක්තිමත් නායකත්වයක් බලාපොරොත්තු වන බව ද එහෙයින් මැක්‍රොන් මේ ආකාරයේ ප්‍රකාශයන් වෙත යොමුවන බව ද පෙනෙන්නට තිබෙන බවයි වාර්තා වන්නේ.
නමුත් මැක්‍රොන්ගේ ප්‍රකාශ බොහෝවිට ප්‍රකාශයන්ට පමණක් සීමාවන බව ඔහුගේ විවේචකයන් විසින් එල්ල කරන චෝදනාවක් වනවා.
මේ අතර, ප්‍රංශය යුක්‍රේනයට මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ගැටළුවකට මුහුණදෙනු ඇතැයි ල මොන්ඩ් පුවත්පත වාර්තා කර තිබුණා. දැනටත් ප්‍රංශය යූරෝ බිලියන 144.5 ක අයවැය පරතරයකට මුහුණ දී සිටින අතර රාජ්‍ය වියදම් අඩුකිරීමේ අභියෝගයකට මුහුණදී සිටිනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53