hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 7:21



හමාස් ත්‍රස්ත සංවිධානයට එරෙහි සටන සඳහා ISIS ත්‍රස්තවාදීන් පරාජය කිරීමට එක් වූ පුළුල් සන්ධානය ක්‍රියාත්මක​ කළයුතු යයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසා සිටිනවා.

ඊයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවූ පසු ඔහු මේ බව සඳහන් කර සිටියා.

මැක්‍රොන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් බැට කෑ ඊශ්‍රායලය සමග තමන් සහයෝගීතාව ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත් මැක්‍රොන් මැදපෙරදිග සංචාරය කරන්නේ ප්‍රධාන වශයෙන් අරමුණු හතරක් පෙරදැරිව බව විදෙස් මාධ්‍ය පවසා සිටිනවා. ගැටුම් තත්ත්වය ව්‍යාප්‍ත වීම වැළැක්වීම​, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම​, ඊශ්‍රායලයේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාගැනීම සහ රාජ්‍ය දෙකේ විසඳුම සඳහා පෙළඹවීමක් ඇතිකිරීමයි.