hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ජූලි 29, පෙ.ව. 11:19



වෙනෙසුවේලාවේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපති නිකුලස් මදුරෝ ජයගත් බව එරට මැතිවරණ කොමිසම පවසනවා.

ප්‍රකාශයට පත්කරන ලද ඡන්දවලින් සියයට 80 ක් ගණනය කර තිබියදී නිකුලස් මදුරෝ ගණන් කළ ඡන්දවලින් සියයට 51 ක් ද ප්‍රධාන ප්‍රතිවාදියා වූ එඩ්මුන්ඩෝ ගොන්සාලේස් සියයට 44 ක් ද ලබාගෙන තිබුණා.

විපක්ෂ සන්ධානයේ නායිකා මරියා කොරීනා මචාඩෝ සඳහන් කළේ ඡන්ද ගණනය කිරීම සාධාරණ ලෙස සිදු නොවූ බවයි. තම අපේක්ෂකයා සියයට 70 ක් ඡන්ද ලබාගත් බව තම පාර්ශවය විසින් කළ සමීක් ෂණ අනුව පෙනී යන්නේ යැයි ඇය සඳහන් කරනවා.

කෙසේ වෙතත් නිකුලස් මදුරෝ කියා සිටියේ ඡන්ද දූෂණ චෝදනා විපක්ෂයෙන් එන සාමාන්‍ය චෝදනාවක් බවයි.