2026 ජනවාරි 28, ප.ව. 7:15
ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවාර් අද උදෑසන සිදුවූ ගුවන් අනතුරකින් මියගියා.
ඔහුගේ ආසනය වන බාරාමතී ප්‍රදේශයේදී තවත් කිහිප දෙනකු සමගින් ඔහු ගමන් ගත් ගුවන් යානය කඩාවැටී තිබෙනවා. මෙම අනතුර අද උදෑසන 8.45 ට පමණ සිදුවූ බවයි වාර්තා වූයේ.
සුප්‍රකට පවාර් පවුලේ දේශපාලකයකු වූ අජිත් පවාර් මහාරාශ්ට්‍ර ප්‍රාන්ත මුදල් ඇමති ලෙස වැඩිම කලක් කටයුතු කළ තැනැත්තා ද වනවා.
1959 දී උපන් ඔහු මෑතකදී ස්වකීය පක්ෂය වූ ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයෙන් බිඳී ඉවත් වුණා. පසුව එම පක්ෂයේ සලකුණ සහ නම වෙනුවෙන් කළ අධිකරණ ක්‍රියාවලියකින්, එම නම සහ සලකුණ තමන් අතට ගැනීමටත් ඔහුට හැකියාව ලැබුණා.
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55
2026 ජනවාරි 16, පෙ.ව. 11:25