hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 18, පෙ.ව. 9:36



මැලේසියාව BRICS එකමුතුව හා එක්වීමට අදහස් කරන බවත් ඒ සඳහා නිල කටයුතු නුදුරේදීම අරඹන බවත් එරට අගමැති අන්වර් ඊබ්‍රහිම් පවසනවා.

තම ප්‍රතිපත්තිය පැහැදිලිව සඳහන් කර ඇති බවත් තමන් දකුණු අප්‍රිකානු ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටින බවත් ඔහු චීන මාධ්‍ය ආයතනයක් හා කළ සාකච්ඡාවකදී කියා සිටියා. නොබෝදා බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සමග කළ සාකච්ඡාවකදී ද මේ පිළිබඳ අදහස් හුවමාරු කරගත් බව ඔහු තවදුරටත් සඳහන් කළා.

BRICS එකමුතුවට දැනට සාමාජික රටවල් නවයක් අයත්වන අතර තවත් රටවල් ගණනාවක් එහි සාමාජිකත්වය ලබාගන්නට අදහස් කරන බව පවසා තිබෙනවා.

ලෝකය තව දුරටත් තනි ධ්‍රැවීය නොවීම ගැන තමන් සතුටු වන බවත් එම සමතුලිතය සඳහා ඉතා වැදගත් බවත් ඊබ්‍රහීම් කියා සිටියා. එමෙන්ම බටහිර රටවල් ලෝක ආඛ්‍යානය පාලනය කිරීමට උත්සාහ කළ ද එම යුගය අවසන් බවත්, එම රටවල් යටත් විජිත හිමියන් නොවන බවත් අන්වර් ඊබ්‍රහීම් කියා සිටිනවා.