hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 03, ප.ව. 5:09



ඊශ්‍රායල ගමන් බලපත්‍ර හිමියන්ට මාලදිවයින වෙත ඇතුල්වීමට අවසර නොදෙන බව මාලදිවයින් රජය පවසනවා.

කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන ලද නිර්දේශයකට අනුව ජනාධිපති මොහොමඩ් මුයිසු මේ බව සඳහන් කළා.

මෙයට හේතුව වන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන යුධ මෙහෙයුම බවයි මාලදිවයින පවසන්නේ.

තවද පලස්තීන ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ විමසා ඔවුන්ට මූල්‍යමය වශයෙන් සහය විය හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමට ද මාලදිවයින තීරණය කර තිබෙනවා.

මාලදිවයින මීට කලකට පෙර ද ඊශ්‍රායල වැසියන්ට එරටට පැමිණීම තහනම් කර තිබුණ ද 1990 දශකයේදී එම නීති ලිහිල් කෙරුණා. දෙරට අතර තානාපති සබඳතා ඇරඹීම පිළිබඳ ජනාධිපති මොහොමඩ් නශීඩ්ගේ පාලන සමය තුළ සලකා බැලුනත්, ඔහුව බලයෙන් නෙරපීමෙන් අනතුරුව එය ඇණහිටියා.