2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29
වෙනෙසුවේලාවේ විපක්ෂ ක්‍රියාකාරිණී මරියා කොරීනා මචාඩෝ වෙත නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කෙරෙන බව අද දින නොබෙල් කමිටුව විසින් සඳහන් කෙරුණා.
මෙවර නොබෙල් සාම ත්‍යාගය විශාල කතාබහකට හේතු වී තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එම ත්‍යාගය හිමිවිය යුතු යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටීම නිසායි.
මචාඩෝට මෙම ත්‍යාගය ලබාදෙන බව ප්‍රකාශ වී තිබෙන්නේ ඇමරිකානු යුධ නෞකා කිහිපයක් වෙනෙසුවේලා මුහුදු සීමාව ආසන්නයේ සැරිසරමින් සිටින පසුබිමක වීම ද වැදගත් කරුණක් වනවා.
මරියා කොරීනා මචාඩෝ වෙනෙසුවේලාවේ නිකුලස් මදුරෝ පාලනයට එරෙහිව කටයුතු කරන ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරිණිය ලෙස සැලකෙනවා. ඇය 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වුවද ඇයට තරග කිරීම තහනම් කෙරුණා. ඒ අනුව විපක්ෂය විසින් වෙනත් අපේක් ෂකයකු ඉදිරිපත් කරන ලද අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඔහු මදුරෝ හමුවේ පරාජයට පත්වුණා. එහෙත් විපක්ෂය පවසන්නේ සැබෑ ප්‍රතිඵලය හෙළිදරව් නොකරන ලද බවයි.
ඇමරිකානුවන් වෙනෙසුවේලාවේ රෙජීම් වෙනසක් කිරීමට අර අඳින්නේද යන සැකය කලක පටන් මතුව තිබෙනවා. නිකුලස් මදුරෝ මත් ජාවාරම් සඳහා සම්බන්ධ යැයි වන චෝදනාව මත ඇමරිකාවට අවශ්‍ය අයකු ලෙස නම්කර තිබෙනවා. නමුත් මදුරෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මරියා කොරීනා මචාඩෝ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් හා සමීප අයෙක්. මීට පෙර අවස්ථාවල ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඇයට සහය දෙන ආකාරයේ පණිවිඩ සමාජ මාධ්‍ය තුළ පළකර තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:33
2025 සැප්තැම්බර් 28, පෙ.ව. 9:24