2025 මාර්තු 31, ප.ව. 5:53
ප්‍රංශයේ ජාතික රැළිය පක්ෂයේ මාරීන් ලෙ පෙන් සිව් වසරක කාලයක් සඳහා බන්ධනාගාරයට නියම කරනු ලැබ තිබෙනවා. ඊට අමතරව ඇයට වසර පහක දේශපාලන තහනමක් ද පනවනු ලැබුණා. එම තහනමට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද හෙයින් ඇයට 2027 ජනාධිපතිවරණයට මුහුණදීමේ අවකාශය ද අහිමි වනවා.
ලෙ පෙන් සහ ඇගේ පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු ඇතුළු පිරිසකට එරෙහිව පනවා තිබූ නඩුවට හේතු වූයේ යුරෝපා පාර්ලිමේන්තුවේ කටයුතු කරන අතරතුර එහි කටයුතු සඳහා ලැබුණ මුදල් ප්‍රංශයේ තම පක්ෂයෙහි අභිවෘද්ධිය සඳහා යොදාගන්නා ලද බවට වූ චෝදනාවයි.
ලෙ පෙන් 2027 ජනාධිපතිවරණයේ පළමු වටයේදී වැඩිම ඡන්ද ලබාගනු ඇතැයි මෙතෙක් කළ සමීක්ෂණ අනුව පෙනීගොස් තිබුණා. ඇය 2017 සහ 2022 වසරවලදී ජනාධිපතිවරණයෙහි දෙවැනි ස්ථානයට පැමිණියා.
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15
2025 මාර්තු 31, ප.ව. 1:06
2025 මාර්තු 28, ප.ව. 11:51
2025 මාර්තු 28, ප.ව. 4:43