hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 20, ප.ව. 8:39



නේටෝ සංවිධානයේ මීළඟ මහ ලේකම් ලෙස නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රුටර්ගේ නම තහවුරු වී තිබෙනවා.

නොබෝදා ඔහුට හන්ගේරියාවේ සහ ස්ලොවේකියාවේ සහය හිමි වූ අතර රුමේනියාවේ ජනාධිපති ක්ලවුස් ඉයොහන්නිස් තමන් තරගයෙන් ඉවත්වන බව සඳහන් කිරීමත් සමග රුටර් එම ධුරයට පත්වීම තහවුරු වුණා.

2010 සිට නෙදර්ලන්තයේ අගමැති ලෙස කටයුතු කරන රුටර්, ජූලි මස මුලදී අලුත් ආණ්ඩුවක පත්වීමත් සමග ධුරයෙන් ඉවත් වනු ඇති.

මාර්ක් රුටර් ඔක්තෝබර් 2 වනදා නේටෝ මහ ලේකම් ධුරයේ වැඩ බාරගන්නට නියමිතයි. ඒ අනුව වසර දහයක් එම ධුරය දැරූ යෙන්ස් ස්ටොල්ටන්බර්ග් විශ්‍රාම ගනු ලබනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වුවහොත් මතුවිය හැකි මතභේද මෙන්ම යුක්‍රේන යුද්ධය ඉදිරියට යන ආකාරයත්, නැගෙනහිර යුරෝපයේ රටවල් නේටෝව තුළ වඩා වැඩි හඬක් ඉල්ලා සිටීම​, යුරෝපයේ දේශපාලනය අන්ත දක්ෂිනාංශය වෙත නැඹුරු වීම යනාදී අභියෝගවලට මාර්ක් රුටර්ට නේටෝ මහ ලේකම් ලෙස කටයුතු කිරීමේදී මුහුණ දෙන්නට සිදුවිය හැකියි.

Example Image