hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 03, ප.ව. 11:27



දකුණු කොරියාවේ යුද්ධ නීතිය පැනවීමට කටයුතු කරන බව එරට ජනාධිපති යූන් සුක් යොල් නිවේදනය කළා.

පාර්ලිමේන්තු බහුතරය සහිත විපක්ෂය රාජ්‍ය විරෝධී කටයුතු සිදුකරන බවත් කැරැල්ලක් සඳහා කුමන්ත්‍රණය කරන බවත් චෝදනා කළ ඔහු විපක්ෂය උතුරු කොරියාවට හිතවත් කටයුතු කරන බව ද පැවසුවා.

මේ අනුව පාර්ලිමේන්තුවේ, පළාත් පාලන ආයතනවල සහ දේශපාලන පක්ෂවල කටයුතු අත් හිටවන බව දකුණු කොරියානු ආණ්ඩුව ප්‍රකාශ කළා. හමුදාපති පාර්ක් අන් සූ යුධ හමුදා නීති පරිපාලක ලෙස පත් කෙරුණා.

නමුත් ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක් ෂය යුධ නීතිය පැනවීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කළා. එම පක්ෂයේ නායක ලී ජේ ම්‍යුංග් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුව වෙත රැස්වෙන ලෙස දැන්වූවා. ඉන්පසු ඔවුන් යුධ නීතිය පැනවීම අවලංගු කෙරෙන යෝජනාවක් සම්මත කළා.

මේ අතර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා උද්ඝෝෂණ කළ අතර යුධ හමුදාව එදෙසට යන ප්‍රයත්නයක් ද වළකාලන්නට කටයුතු කළා.