2023 ඔක්තෝබර් 11, ප.ව. 9:54
උතුරුදිග ඊශ්‍රායලය වෙත ලෙබනනය දෙසින් ප්‍රහාර එල්ල වන බවට වාර්තා පළ වනවා. ඒ අනුව ඊශ්‍රායලයට එරෙහි සටනට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ප්‍රබල ලෙස එක් වී ඇති බවයි පෙනී යන්නේ.
උතුරුදිග ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර ද එල්ල වූ බව වාර්තා වන අතර ඩ්‍රෝන ද එම ප්‍රදේශයේ සැරිසරන බව දැනගන්නට ලැබුණා. ඊට අමතරව පැරාග්ලයිඩර් භටයින් ද එදෙසට පැමිණෙන බව වාර්තා වුණා.
හිස්බුල්ලා සංවිධානය මෙසේ යුද්ධයට අවතීර්ණ වන්නේ නම් තත්ත්වය තවත් බරපතල වීමට අවකාශ තිබෙනවා.
ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව විටින් විට හිස්බුල්ලා සහ ඊශ්‍රායල ගැටුම් වාර්තා වුවද මෙතරම් බරපතල තත්ත්වයෙන් ගැටුම් වාර්තා වූයේ නැහැ.
2025 දෙසැම්‍බර් 05, ප.ව. 12:54
2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:46
2025 දෙසැම්‍බර් 04, ප.ව. 7:30
2025 දෙසැම්‍බර් 03, ප.ව. 2:40
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 11:41