2025 මාර්තු 28, ප.ව. 4:43
මියන්මාරයට අද බලපෑ මැග්නිටියුඩ් 7.7 ක භූමි කම්පාවකින් විශාල හානි සිදුව ඇතැයි වාර්තා වනවා.
මෙම භූ කම්පනයෙහි මධ්‍ය ලක්ෂ්‍යය මියන්මාරයේ දෙවැනි විශාලම නගරය වන මණ්ඩලේ නගරය අසළ වූ බවයි සඳහන් වන්නේ. එහි විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය සංඛ්‍යාව 20 කට අධික වනවා. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් අසළ වාහන නවත්වන ස්ථානයක ප්‍රතිකාර සිදුකළ බව ද දැනගන්නට ලැබුණා. මණ්ඩලේ ගුවන් තොටුපලට හානි සිදුව ඇති අතර නගරයේ ප්‍රධාන පාලමක් ද කඩාවැටී ඇතැයි වාර්තා වනවා.
මියන්මාර් අගනුවර නයිපිටෝ හි ද ගොඩනැගිලිවලට හානි සිදුවූ බව වාර්තා වී තිබෙනවා. මියන්මාරයේ විවිධ ප්‍රදේශයන් වෙතින් හානි වාර්තා වන අතර තායිලන්තය, බංග්ලාදේශය, ලාඕසය, චීනය සහ ඉන්දියාව යන රටවලට ද එහි බලපෑම දැනී තිබෙනවා. තායිලන්තයේ ද තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වන අතර බැංකොක් නගරයේ මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී තවත් පිරිසක් කොටුවී තිබෙනවා.
මියන්මාර හමුදා ආණ්ඩුව ප්‍රදේශ හයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර මානුශීය ආධාර සඳහා ඉල්ලීමක් ද කළා.
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15
2025 මාර්තු 31, ප.ව. 1:06
2025 මාර්තු 28, ප.ව. 11:51