hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 07, පෙ.ව. 8:26



ඉක්වදෝරයේ මෙක්සිකෝ තානාපති කාර්යාලයට ඉක්වදෝර් පොලිසිය බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් පසු මෙක්සිකෝව ඉක්වදෝරය සමග වන තානාපති සබඳතා අත්හිටවූවා.

පොලිසිය මෙසේ බලහත්කාරයෙන් ඇතුලි වූයේ එහි රැකවරණ පතාගෙන පැමිණි හිටපු ඉක්වදෝර උප ජනාධිපති ජෝර්ජ් ග්ලාස් අත් අඩංගුවට ගැනීමටයි. ඔහුට එරෙහිව දූෂණ චෝදනා පවතිනවා.

ඉක්වදෝරය පවසන්නේ ග්ලාස්ට එරෙහිව දූෂණ චෝදනා පවතින බැවින් ඔහුට තානාපති රැකවරණ ලබාදීම පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ අතරවාරයේ නිකරාගුවාව ද ඉක්වදෝරයේ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් තානාපති සබඳතා මුළුමනින්ම අත්හිටවන බව කියා සිටියා. කලාපයේ තවත් රටවල් කිහිපයක්ම ඉක්වදෝරයේ ක්‍රියාව හෙළාදැක තිබෙනවා.