2023 අගෝස්තු 30, පෙ.ව. 10:39
ගැබොන් රාජ්‍යයේ බලය තමන් අතට ගත් බව එරට හමුදාව නිවේදනය කර තිබෙනවා.
රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් කරමින් හමුදා නිලධාරීන් පිරිසක් කියා සිටියේ තමන් අගෝස්තු 26 වනදා පවත්වන ලද මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන බවයි.
එම මැතිවරණයේදී ජනාධිපති අලි බොංගෝ ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කෙරුණ ද එය ඉතා දූෂිත මැතිවරණයක් බව චෝදනා මතුවුණා.
සිය පියාගේ මරණයෙන් අනතුරුව 2009 දී ජනාධිපති ධුරයට පත් වූ අලි බොංගෝ ගැබොන් හි තුන්වන ජනාධිපතිවරයා යි. 2016 දී පැවති ජනාධිපතිවරණයේදී ද ඔහු ජයග්‍රහණය කළේ ඉතා තියුණු තරගයකින්. එය ද දූෂිත මැතිවරණයක් බව චෝදනා කෙරුණ අතර බොංගෝට එරෙහිව විශාල උද්ඝෝෂණ ද මතුවුණා.
එමෙන්ම 2019 දී ද බොංගෝ බලයෙන් ඉවත් කිරීමට අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් දියත් කෙරුණා.
අලි බොංගෝගේ පියා ගැබොන් හි දෙවන ජනාධිපතිවරයා වූ අතර 1967 සිට 2009 දක්වා එරට පාලනය කළා. ඒ අනුව ගැබොන් හි බොංගෝ පවුලේ පාලනයට වසර 56 ක් වනවා.
2025 අගෝස්තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38