hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 31, ප.ව. 9:06



වෙනෙසුවේලාවේ මිලිටරි ඉලක්ක වෙත ඉදිරි දින කිහිපයේදී හෝ ඇතැම්විට පැය කිහිපයේදී ඇමරිකන් ගුවන් ප්‍රහාර එල්ල වීමේ හැකියාවක් ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් මියාමි හෙරල්ඩ් පුවත්පත පැවසුවා.

එම පුවත්පත පවසන්නේ වෙනෙසුවේලා රෙජීමයේ සහයෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩීමේ අරමුණින් මෙම ප්‍රහාර එල්ලවනු ඇති බවයි.

ජනාධිපති මදුරෝ ඉලක්කයක් වේදැ යි පැහැදිලි නැතත් ඔහුට අවශ්‍ය වුණත් රටින් පළායෑමේ හැකියාව නොමැති තත්ත්වයක් ළඟදීම උදා විය හැකි යැයි ද එම ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මදුරෝ පාවා දීමට වුවද සූදානම් ජෙනරාල්වරුන් වෙනෙසුවේලාවේ සිටිතැයි ද එම මූලාශ්‍ර විසින් ඇඟවුණ බව මියාමි හෙරල්ඩ් පුවත්පත පැවසුවා.